අඩු ආදායම් ලාභී නිවාස 25000ක් වෙත කපරාරු තවරා නොමැති බිත්ති කපරාරු තැවරීම සදහා සිමෙන්ති බෙදාදීම ජාතික වැඩසටහන අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 96ක් වෙත සිමෙන්ති මුට්ට 960ක් බෙදාදීම පසුගියදා ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදුවිය.
එදිනම මෙම වැඩසටහනේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අඩු ආදායම් ලාභිය පවුල් වෙත සිමෙන්ති බෙදාදීමද සිදුවිණි. එම අවස්ථාව සදහා පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර මහතා ඇතුලු පිරිසක් එක්වූහ. මෙහිදී අඩු ආදායම් ලාභිය පවුලක් වෙත සිමෙන්ති මුට්ට 10ක් බැගින් හිමිවූ අතර මෙම වැඩසටහන ජාතික වැඩසටහනක් ලෙස නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පනාවකට අනුවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ළඟද?(හේ)