(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද සංගම් ඇතුළු අංශ හතක පමණ කාර්ය මණ්ඩලය අද (8) දහවල් පැයක පමණ කාලයක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
රෝහලෙහි පොදු රථගාල වෛද්‍යවරුන් සඳහා පමණක් වෙන්කර තිබීම, හෙද පරිපාලනයට අනිසි ලෙස මැදිහත්වීම, රෝහල් පරිපාලනය වෛද්‍ය නිලධාරී සංගමයට අනුව කටයුතු කිරීම ආදී කරුණු හේතුවෙන්
මෙම උද්ඝෝෂණය පවත්වන බව රජයේ හෙද සංගමයේ ගම්පහ රෝහල් ශාඛා ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය සඳහන් කළාය.
හදිසි ප්‍රතිකාර සේවාවන්ට බාධාවක් නොවන සේ හෙද සේවා, කිරණ තාක්ෂණවේදී, ඖෂධවේදී, වෛද්‍ය, රසායනාගාර, තාක්ෂණවේදී ඇතුළු අංශ හතක පමණ කාර්ය මණ්ඩලයේ පිරිසක් මීට එක්ව සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.
ගම්පහ රෝහලේ සියලු කටයුතු සැමට සාධාරණව කෙරෙන බවත්, පොදු රථගාල වෛද්‍යවරුන් ඇතුළු හදිසි ඇමතුම් සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලය සඳහා බවත්, අන් අය සඳහා රෝහල් භූමියෙහි වෙනත් ස්ථාන ලබාදෙන බවත් මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා අදහස් දක්වමින් පැවසීය.
මෙය රෝහලෙහි සෑම අංශයකම නියෝජිතයින් සමග සාකච්ඡා කර ගත් තීරණයක් බව පැවසූ අධ්‍යක්ෂවරයා කිසිවිටෙක තමන් තනි තීරණය මත ක්‍රියා නොකරන බවද වෛද්‍ය සංගමයට අනුව කටයුතු කිරීම යන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද පැවසීය.


2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක