ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද පිරිවෙනේ අධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ හා පරිවේණාධිපති නාරම්පනාවේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ජර්මන් ජාතික බෞද්ධයන්ගේ හා සතර පේරුවේ දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 140 කට අධික මුදලක් වැය කොට තැනූ දොරණෑගඩ ශ්‍රී සමන්තින්දාරාමයේ නව දාන ශාලාව සහිත දෙමහල් භික්ෂු නේවාසිකාගාරය මාර්තු 16 වැනි බදාදා සවස 05.30ට කැළණියේ රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ප‍්‍රධානත්වයෙන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත වීමට නියමිතය.
අත්තනගල්ල රජමහා විහාරයේද ඇමෙරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරයේද අධිපති ආචාර්ය පන්නිල ආනන්ද සීනාදි සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝ නාහිමි, ජිනිවා බෞද්ධ පදනමේ හා සූරිච් බෞද්ධ විහාරයේ උපදේශක ජර්මනියේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය වල්පොල කල්‍යාණ තිස්ස නායහිමි, සීනාදි සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝ නායක තෝරපිටියේ ආනන්ද නාහිමි ද කථානායක කරු ජයසූරිය, බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, වරාය ඇමැති අර්ජුන රණතුංග, ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජිත හේරත්, ප‍්‍රසන්න රණතුංග, එඩ්වඩ් ගුණසේකර, අජිත් මාන්නප්පෙරුම, බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය සහ පළාත් සභා මන්ත‍්‍රීවරුද මිනුවන්ගොඩ ශ්‍රී.ල.නී.ප ප‍්‍රධාන සංවිධායක රුවන් රණතුංග, පණ්ඩු බණ්ඩාරනායක මහත්වරුන්ද මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් ලක්‍ෂ්මිණි ගුණතිලක මහත්මිය, පිරිවෙන් අධ්‍යක්‍ෂක චන්දන කඩිගමුව ඇතුළු පිරිසක් ඇරියුම් ලබා සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහ භික්ෂු නේවාසිකාගාරයට ජර්මනියෙනුත් උදව්