(එස් .ඩි .කොඩිකාර)
මීට දින දහයකට පමණ ඉහතදී මියගිය සය මස් ගැබිනි කාන්තාවකගේ මළ සිරුරක් කළුබෝවිටියන , රුවන්කන්ද ප්‍රදේශයේ වන ලැහැබක තිබී අද (27) සොයා ගත් බව මොරවක පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ (24) හැවිරිදි මානගේ සුමුදු මාලි නැමැති රුවන්කන්ද, කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචිව සිටි සයමස් ගැබිනියකි.
මියගිය ගැබිනියගේ මළ සිරුරක් ලඳු කැලෑවක ගඳ ගසමින් තිබෙන බවට මොරවක පොලිසියට ලද දුරකථන ඇමතුමක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිරුර සොයා ගන්නා ලදී.
මියගිය ගැබිනි කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මොරවක මහේස්ත්‍රාත් ශශිකා මිතුනා ආරච්චි මෙනවිය ඉදිරියේ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd