IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගැබිණි මවගේ මරණය ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රථම දරු ප්‍රසුතිය සඳහා හොරණ මුලික රෝහලට ඇතුළත් වූ කාන්තාවක් හදිසියේ මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ඇයගේ සැමියා ඇතුළු ඥාතීන් පැමිණිල්ලක් කර ඇතැයි හොරණ මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර පදිංචිව සිටි ඩී.එම්. නිර්මලා නිශා කුමාරි 25 හැවිරිදි කාන්තාවකි.

 

හොරණ මුලික රෝහලට අනුයුක්තව සේවය කරන මාතෘ හා ළමා විශේෂඥ වෛද්‍යවරයකු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක දී මුදල් බැද කිහිප අවස්ථාවකදීම හමුවී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඒ සෑම අවස්ථාවකදිම දරුවා හා මව හොඳින් සිටින බවත් වෛද්‍යවරයා පවසා තිබූ බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ල අනුව හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසුරිය මහතා මරණ පරික්ෂණය පවත්වා සිරුර කලුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස නියෝග කළේය.

කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී බන්දුල විජේසිංහ මහතා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් අතර මියගිය කාන්තාවගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරිමට තීරණය කළ බව පොලිසිය පවසයි.



අදහස් (0)

ගැබිණි මවගේ මරණය ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site