IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගින්නකින් ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක් විනාශයි

(මොහොමඩ්  ආසික්)
 

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අලදෙණිය ප්‍රදේශයේ පිහිටි ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක  ඇති වූ ගින්නකින්  කර්මාන්තශාලාව  විනාශ වී තිබේ.
 
අද දහවල් ඇතිව ඇති මෙම ගින්න හේතුවෙන් කම්හල තුළ  තිබූ ගිනි පෙට්ටි නිපදවීම සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය , නිපදවන ලද ගිනි පෙට්ටි විශාල ප්‍රමාණයක්  ඇතුළු එහි තිබූ  සියලු දෑ ගින්නට හසු වී  නැවත භාවිතයට ගත නොහැකි ආකාරයට විනාශ වී   ඇත.
 
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කටුගස්තොට පොලීසිය, ප්‍රදේශවාසීන්, කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවක සේවිකාවන්  එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වනවිට විශාල ප්‍රමාණයක හානියක්ප සිදුව ඇතැයි පොලීසිය කියයි.
 
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

නමුත් කර්මාන්ත ශාලාව  ඇතුළතින්   විදුලිය කාන්දුවීමකින් ගින්න ඇතිවන්නට ඇති බව විශ්වාස කෙරේ.

කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගින්නකින් ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site