(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම, ගොඩගම පනාගොඩ ප‍්‍රදේශයේ බස් රථ අමතර කොටස් වෙළඳසලක අද (21) ඇති වූ ගින්නකින් එම වෙළඳසල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙම වෙළඳසලේ පිටුපස කොටසින් දුමක් පිටවනු දැක අසල්වාසීන් ඒ පිළිබඳව වෙළඳසලෙහි අයිතිකරුවන් දැනුවත් කර පසුව අයිතිකරුවන් අතුරුගිරිය පොලිසිය දැනුවත් කර ඇත.
ඒ අනුව පොලිසියෙන් කළ දැනුම්දීමකට අනුව කොළඹ සහ කෝට්ටේ මහා නගර සබා ගිනි නිවීම් ඒකක සහ හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකයද පනාගොඩ යුධ හමුදා කඳවුරේ ජල බවුසර් රථ ද එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළද ඒ වන විටත් වෙළඳසල සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබූ බවද පොලිසිය පවසයි.
ගින්න ඇති වීමට හේතුව කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්දැයි සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අතුරුගිරිය පොලිසිය කියයි.
පනාගොඩ - ඇඹුල්ගම ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ මෙම ගින්න ඇති වූ බැවින් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබිණි.
සිදු වූ අලාභය පිළිබඳව මෙතෙක් ගණනය කර නැත.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගින්නකින් ගොඩගම වෙළඳසැලක් විනාශයි
මරක්කලයා Monday, 21 October 2019 05:26 AM
අයිතිකරු මුස්ලිම් නම් විදුලි කාන්දුවක්, වෙන කෙනෙක් නම් ගින්න ඇති වීමට හේතුව කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්දැයි සොයන්න ඕන.