IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගිනිඅවි - ඇත්දළ සමඟ අයෙක් අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ගාල්ල හව්පේ ප්‍රදේශයේ නීතිවිරෝධී ගිනි අවි නිපදවන කම්හලක් වටලා අවි ආයුධ හා ඇත් දළ හතරක් සමඟ පුද්ගලයකු අද (25) රාත්‍රියේ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම ඒකකයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකජේ.පතිරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව දකුණු පළාත බාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න යන මහත්වරුන්ගේ අවසරය හා උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී සැකකරු විසින් නිෂ්පාදනය කළ බව කියන ගල් කටස් වර්ගයේ ගිනි අවි තුනක්, ඒවාට යොදන පතොරම් කොපු හතරක් හා ඇත් දළ 4 ක් පොලීස් බාරයට ගැණිනි.

ඇතිමලේ ප්‍රදේශයෙන් එම ඇත් දළ ගෙනවිත් ඇති බව පවසා රුපියල් ලක්ෂ 5 – 10 ත් අතර මුදලකට ඒවා අලෙවි කරන බව කියති.

එම ඇත් දල සැබෑ ඒවාද එසේත් නොමැති නම් ව්‍යාජ ඒවාද යන්න තහවුරු කර ගැනීම සදහා වන ජීවී දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවීමට නියමිතය.  

හව්පේ පදිංචි 58 හැවිරිදි සැකකරු මීට පෙරද අවස්ථා දෙකකදී මෙම චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකි.

සැකකරු හෙට (26) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ගිනිඅවි - ඇත්දළ සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site