සුමතිපාල දීයගහගේ
කිරින්ද පුහුල්වැල්ල වතුකොලකන්ද ප්‍රදේශයේ දී නීතිවිරෝධි ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ සැකකරුවෙකු මාතර කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කර මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් එම තුවක්කුවට යොදා ජීව උණ්ඩ දෙකක් සහ හිස් පතරොම් කොපු තුනක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.
ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd