(සනත් ගමගේ)
හම්බන්තොට නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ලැගුම්හලක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් හා එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන ඇත.
මාතර- හම්බන්තොට දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයට ලද තොරතුරක් මත පොලිස් උපාය ධුතයින් යොදවා ඔවුන් විසින් කාන්තාවන් දෙදෙනෙකු මුදලට ගැනීමෙන් අනතුරුව එහි කළමණාකරු සහ මෙම කාන්තාවන් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ ආයතන හා ආගමික ස්ථානයක් ආසන්නයේ මෙම ස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ.
අත් අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 30 ත් 49 අතර වයස්හි පසුවන්නියන් වන අතර ඔවුන් කඩුවෙල හා මීගමුවේ පදිංචිකාරියන්ය.
ලැගුම්හලෙහි කළමණාකරුද වයස අවුරුදු 60 ක් පමණ වන පුද්ගලයෙක් වන අතර ඔහු කොළොන්නාවේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ගැහැණු උදවිය අත්අඩංගුවට ගන්නේ. ඒ මිනිස්සුන්ට ඇති ආර්ථික ප්‍රශ්න වලින් මීදීම ට මේ රස්සාව කරන්නේ. මෙය වෘත්තියක් හැටියට පිළිගෙන මෙම සේවය රටේ නීති ගත කල යුතුය. අද දේශපාලකයෝ පිස්තෝල අරගෙන ජනතාව බිය ගස්වන ආකාරයත් සහ එම දේශපාලනයෙන් අක්‍රමික තත්වයෙන් හම්බ කරන ආකාරයත් දැක්කම මේවා මොනවද?