IMG-LOGO

ගෝඨාභය ජනපති වූ පසු ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරනවා

(චමිල් රූපසිංහ)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වූ පසු අග්‍රාමාත්‍යවරයා පත් කර ගැනීම සඳහා නීති විරෝධි ව්‍යවස්ථා විරෝධි කිසිඳු කටයුත්තක් නොකරන බවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා නීතියේ රාමුව තුළ හා ව්‍යවස්ථාවේ රාමුව තුළ ඉඩ කඩ ඇති බව ද පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක  කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවැසුයේ මහනුවර පොදුජන පෙරමුණේ පක්ෂ කාර්‍යාලයේදී  අද ( 11 ) පැවති මාධ්‍ය හමුවකදීය.

පසුගිය කාලයේ අග්‍රාමාත්‍යවරයා පත්කරගැනීම සම්බන්ධව අධිකරණ තීන්දුව පිළිගත් සේම පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමෙන් අග්‍රාමාත්‍යවරයා පත් කර ගත් ඒ රටේ නීතිය පරිදි නීතියේ රාමුව තුළ හා ව්‍යවස්ථාවේ රාමුව තුළ කටයුතු කරණ බව ඔහු පැවැසීය.

මාදුඵවාවේ සෝභිත හිමයන් විසින් “ අපට වැරදුනා මහත්තයො “  කියා ප්‍රකාශ කළා සේම මහ රූ කලුවරේ හුලුඅතු පත්තුකරගෙන ගොස් මේ රටේ ජනතාවගෙන් බහුතරයක් මහ වලක වැටුණු බවත් මහදවල් හුලුඅතු පත්තුකරගෙන ගොස් වලේ වැටෙන ජනතාවක් තවත් මේ රටේ නොමැති බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

සජිත් ප්‍රේමදාස රටේ ජනතාවට කැඩිච්චි සෙරෙප්පු දෙකක් පෙන්නා  එතුමාගේ දේශපාලනය අලෙවි කෙරුවත් බහින්නේ ලක්ෂ 850 වාහනේකින් බවත්  මිනිසුන්ගේ බුද්ධියට අගෞරව කිරිම උපරිමයෙන් සජිත්ගේ වේදිකාවේ කරණු ලබන බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

දේශපාලන පොරපිටියට බය අය දේශපාලන පොරපිටියේ ජනතාවගේ සාධාරණ මතයට බය අය විවිධ ක්‍රම පාවිච්චි කරමින් තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ජනතාවගේ ජනවිඥානය වෙනස්කිරීමට අසාර්ථක නින්දිත පහත් උත්සහයක්  දරමින් සිටින බවත් පසුගිය දින කිහිපයේ හා ඉදිරි දින කිහිපයේද එවන් උත්සහයන් දැරූ බවත් එක්සත් ජාතික පක්ෂය තමාගේ පරාජය පිළිගෙන එයින් පැහැදිලි වන බවත් ඒ පරාජය වක්‍රව පිළිගත් නිසා දේශපාලන සංසකෘතිය විනාශ කරමින් ඉතාමන් නින්දිත පහත් ක්‍රියාවන් වලට එක්සත් ජාතික පක්ෂය අවතීර්ණ වෙමින් පවතින බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

 



අදහස් (0)

ගෝඨාභය ජනපති වූ පසු ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 439 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1941 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site