(දයාරත්න ඇඹෝගම)
ගංජා බෙදාහැරිම සඳහා රැගෙන යමින් සිටි අඹුසැමි යුවළක් දුටුවැව දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කපුගොල්ලෑවේ පදිංචි 28 සහ 26 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළකි.
මොවුන් දෙදෙනා ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිරතවන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමේදී ගංජා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබිණි.
සැමියාගේ කළිසම් සාක්කුවේ තිබි ගංජා මිලි ග්‍රෑම් 14740 ක්ද බිරිඳගේ අත් බෑගයේ තිබි ගංජා මිලි ග්‍රෑම් 12830 ක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
සැකකාර අඹුසැමි යුවළ අද (24) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd