ක.ග කරුණාරත්න
මහවැලි බී සහ සී කලාපවල පිහිටි ගම්මාන රැසකට ගංජා බෙදාහැරීම සිදු කළ බවට සැකපිට රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් ද සමඟ අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ යුද හමුදා සෙබළකු සහ තවත් පුද්ගලයකු ජූනි 4 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මාදුරුඔය යුද හමුදා කඳවුරක සේවය කරන සෙබළෙකු වන දිඹුලාගල, මඟුල්දමන, පැලෑටියාව පදිංචි පේඩිගේගෙදර ප්‍රසන්න දිසානායක සහ දිඹුලාගල, මඟුල්දමන, පැලෑටියාව පදිංචි හේරත් මුදියන්සේලාගේ බුද්ධික හේරත් යන අයවේ.
අරලගංවිල පොලිසිය සැකකරුවන් සමඟ ගංජා තොගය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd