IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගී ඉරපාන ජූලි 10 වැනි දා

මහනුවර ප‍්‍රදේශය කේන්ද්‍ර කොට ‘ඩොවෙල්ස්‘ වෛද්‍ය සුභ සාධක සංගමය වෛද්‍යවරුන්ගේ සුහදතාවය වර්ධනය කිරීම සහ සමාජ සත්කාර අරමුදල තර කරගැනීම අරමුණු කරගෙන සංවිධානය කරන ‘ගී ඉරපාන‘ සුභාවිත සංගීත ප‍්‍රසංගය මෙම මස 10 වැනිදා සවස 6.30 සිට රාත‍්‍රී 9.30 දක්වා පොල්ගොල්ල මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වේ.

සුනිල් එදිරිසිංහ, පි‍්‍රයා සූරියසේන, බණ්ඩාර ආතාවුද සහ උරේෂා රවිහාරි එදින ගීතයෙන් රසගැන්වෙන අතර සංගීතය මහින්ද බණ්ඩාර ප‍්‍රමුඛ වාදක මඬුල්ලෙනි ඉදිරිපත් කිරීම බන්දුල නානායක්කාරවසම් විසිනි.

දේවානන්ද වෛද්‍යසේකරයන් එදින සම්මානයෙන් පිදුම් ලැබීමටද නියමිත අතර ‘ගී ඉරපාන‘ ප‍්‍රසංගය උපත ලබන්නේ ගුවන් විදුලියේ වැඩසටහන් 159 ක් පුරා රසික හදවත් වැළදගත් ‘ඉරපාන‘ සුභාවිත සංගීතමය වැඩසටහන තුළිනි.

වෙද නළාවෙන් ඔබ්බට ගොස් සංහිදියාව තුළින් සමාජ සත්කාරය සඳහා වෛද්‍යවරුන් පෙළගැස්වීමේ අභිලාෂයෙන් ‘ඩොවෙල්ස්‘ වෛද්‍ය සංගමය බිහිවන්නේ ලංකාවේ ප‍්‍රථම වතාවටය. වෛද්‍යවරුන් අතර සහයෝගය සහ සහජීවනය ගොඩනැගීම ඔවුන් තුළ ඇති විශේෂ ප‍්‍රාගුන්‍ය හැකියාවන් හඳුනාගැනීම, ඔවුන්ගේ වෘත්තිය නිපුනත්වයට වර්ධනයට අත හිතදීම සහ සමාජ සත්කි‍්‍රයාවලදී තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා නව පැතිකඩක් තුළින් ආරම්භයක් ලබාදීම ‘ඩොවෙල්ස්‘ සංගමයේ අරමුණය. මෙහි සභාපති වශයෙන් කටයුතු කරනුයේ මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජයසිරි වික‍්‍රමනායක මහතාය

‘මහනුවර සහ පේරාදෙණීය රෝහලේ කේන්ද්‍ර කරගෙන අසරණ රෝගීන්ට උපකාර කිරීමේ සේවාවක් ආරම්භ කිරීම සහ හදිසි ආපදා අවස්ථාවලට මුහණදීම සඳහා වූ ආපදා කළමනාකරණ නියාමක මධස්ථානයක් පිහිටුවීම මුලික කරගෙන අපේ සුභසාධක අරමුදල තරකිරීම වෙනුවෙන් මෙම ප‍්‍රසංගය පවත්වනවා. මේ වන විටත් අප සංගමය අප සාමාජිකත්වයට සංවේදී වූ මෙන්ම ශ‍්‍රී ලාංකේය සමාජයටම සංවේදී වූ පරමාර්ථ රාශියක් වෙනුවෙන් කි‍්‍රයාත්මක වී සිටිනවා. සහජීවනයෙන් පිරි වෛද්‍ය සේවයක් තුළින් විදිමත් සමාජ සත්කාරයක් සිදුකිරීම අපගේ අරමුණයි.

අපේ මුලික අරමුණුවලට අමතරව දැනට අප රටට ඉතා විශාල හිසරදයක් වී තිබෙන (විශේෂයෙන්ම මහනුවර නගරයට) වාහන තදබදයෙන් සහ වායු දූෂණයෙන් මිදීම සඳහා අප පුද්ගලික වාහන භාවිත කරන රාජ්‍ය සේවකයන් සඳහා පොදු ප‍්‍රවාහන සේවයක් සහ ඒ සමඟ අත්වැල් බැදගත් කි‍්‍රයාකාරකම් රාශියක්ම ආරම්භයක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.මේ සියලූ දේවල්වලට මූලික අරමුදලක් අවශ්‍යයි. මෙහි ආදායම එම අරමුණු සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මෙම සද්ක‍්‍රියාවන් සඳහා ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාව, පොලීසිය,යුදහමුදාව සහ අනෙකුත් ආයතන අප සමග එක්ව කටයුතු කිරීමට මේ වෙන විටත් කැමැත්ත පළකර තියෙනවා.  මෙම ප‍්‍රසංගයේ ටිකට්පත් නුවර කැන්ඩි සිටි සෙන්ටර්, චම්පා ස්ටෝර්ස්, රෝයල් මෝල් යන ව්‍යාපාර ස්ථාන කිහිපයක සහ නුවර ප‍්‍රදේශයේ  ඕනෑම රෝහලකින් මිලදී ගත හැකියි. වැඩි විස්තර 071-8139572 වෛද්‍ය සුදත් පෙරේරා සහ 0773-767113 වෛද්‍ය අජන්ත මහතා අමතා ලබා ගන්න පුළුවන්‘ යැයි වෛද්‍ය විජයසිරි මහතා පැවැසීය.

DSC_2010 Sticker-a3-Final



අදහස් (0)

ගී ඉරපාන ජූලි 10 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site