IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ නගර සභාවෙන් එස්.එම්.එස් සේවයක්

(බිඟුන් මේනක ගමගේ )
 
කොළඹ මහ නගර සභා සේවා පරිගණකගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ විවිධ සහතික ලබාගන්නා සේවාලාභී ජනතාවට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජංගම දුරකථන කෙටි පණිවුඩ මගින් විටින් විට දැනුම්වත් කිරීම් කෙරෙන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ඉක්ටා) පවසයි.
 
අදාළ සහතික නිකුත් කිරීමේදී අක්‍රමිකතා වලක්වා වඩා කාර්යක්ෂමතාවයකින් යුතුව සේවා ලබාදීමේ අරමුණෙන් මෙසේ කෙටි පණිවුඩ යොමු කිරීම සිදුවන බව එහි වැඩසටහන් කළමනාකාරිණී තුෂා මුකුන්දන් මෙනෙවිය ‘ලංකාදීප’යට පැවසුවාය.
 
ඒ යටතේ අන්තර්ජාලය හරහා ගොඩනැගිලි ඉදිකිරීමේ බලපත්‍ර නිකුත් කිරීම ඊයේ(21) ආරම්භ කළ බවත් සති දෙකක් ඇතුළත එම සහතික ලබාගැනීමට හැකි බවත් ඇය කීවාය. 
 
පෙර පැවැති ක්‍රමය යටතේ ඇතැම් සහතික ලබාගැනීමට දින 170ක් පමණ වැය වූ බව කී ඇය නව ක්‍රමය යටතේ යම් අක්‍රමිකතාවයක් සිදුවුවහොත් අදාළ එය ක්ෂණිකව විමසා බැලීමට නගරාධිපතිනියට හැකි බව ද මුකුන්දන් මෙනෙවිය කීවාය. 
 
මීට අමතරව සහතික කිරීමේ සේවා සැපයීමට ස්ථාපනය කළ ‘තනි කවුන්ටර’  ඔස්සේ දින තුනත් හතත් අතර කාලයේදී සහතික කිරීම් සිදුකරගත හැකි බව ද ඇය කීය.
 
ඒ අනුව හිමිකම් සහතික දින 1න්, ගිනි ආරක්ෂණ නිරවුල් සහතික දින 3න්, මාර්ග රේඛා සහතික දින 3න්, නොපවරා ගැනීමේ සහතික දින 3න්, ඝන අපද්‍රව්‍ය නිශ්කාෂණ සහතික දින 7න්, ජල අපවහන නිශ්කාෂණ සහතික දින 7න් කොළඹ නගර සභාවෙන් ලබාගැනීමට අවස්ථාව සැලැසේ.



අදහස් (0)

කොළඹ නගර සභාවෙන් එස්.එම්.එස් සේවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site