නයනදුල සෙන්දනායක
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට කළු ගඟ පිටාර ගැලීම ආරම්භ වී ඇති අතර ඒ හේතුවෙන් අගුරුවාතොට,බැල්ලපිටිය,මදුරාවල ,තෙබුවන ,නාර්තුපාන, කරණ්නාගොඩ,වේරවත්ත,යාල ඇතුළු ප්‍රදේශ රැසක නිවාස සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් මතුගම හොරණ හාරසිය පනස් අට මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇති අතර නෑබඩ කළුතර මාර්ගය, නෑබඩ බුලත්සිංහල මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු නතරවී ඇත.
මේවන විට කළු ගඟේ අගුරුවාතොට ජල මාපාංකය මීටර 11.3ක් ලෙස ගංවතුර අවදානම් තත්ත්වයට පත්වී ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd