IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කහතුඩුව ඇළකට වැටුණු මෝටර් රථයක මළ සිරුරක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
 
කහතුඩුව පොල්ගස්ඕවිට හෙරළියාවල ප්‍රදේශයේ හෝටලයක් අසළ ඇළ මාර්ගයට වැටී තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක තරුණයකුගේ මළ සිරුරක් තිබී අද(20) හමු වූ බව කහතුඩුව පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ දෙහිවල නැදිමාල පදිංචිව සිටි ලහිරු සමරසිංහ නම් 29 හැවිරිදි තරුණයෙකි.
 
ඉකුත් 17වැනි දින සවස හෝටලයක පැවැත්වෙන උපන්දින සාදයකට සහභාගී වන බව මෙම තරුණයා මවට පවසා තිබූ බවද, ඔහු නැවත නිවසට නොපැමිණි බව පවසමින් මව ඊයේ (19) කොහුවල පොලිසියට පැමිණිලි කර තිබූ බවද, එම පොලිස් නිලධාරීන් කහතුඩුව පොලිසියට එම සිදුවීම දන්වා තිබූ බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
එදින සවස 5.30ට පමණ මෙම තරුණයා ඇතුළු තරුණ තරුණියන් 25දෙනෙකු පමණ එම හෝටලය වෙත සාදය සඳහා පැමිණ ඇති බව අමුත්තන්ගේ සටහන් තබන පොත පරීක්ෂා කිරීමේදී තහවුරු විණි යැයි පොලිසිය කීය.
 
හෝටලයේ සේවකයකු ගොඩවෙල ඇළ අතරින් ඇති මාර්ගයේ අද(20) උදෑසන ගමන්කරමින් තිබියදී මෝටර් රථය දැක හෝටල් හිමිකරුට දන්වා පසුව කහතුඩුව පොලිසියට දන්වා ඇතැයිද, ඒ අනුව මෙම තරුණයාගේ මළ සිරුර හමුව ඇතැයි ද පොලිසිය කියයි.
 
කහතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

කහතුඩුව ඇළකට වැටුණු මෝටර් රථයක මළ සිරුරක්

maalaka Tuesday, 21 May 2019 04:18 AM

තවත් තාජුදීන් කෙනෙක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site