IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොහා පමා වී පැරිස් යයි

පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සමාජ සුභසාදන පදනම විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂිකව සංවිධානය කරන බක්මහ උළෙල අප්‍රේල් 24 වන දින දවස පුරාවටම, පෝල් සයිමන් ශාලාවේදී පැවැත්වුනි.

ආගමික කටයුතු වලට මුල් තැනක් දෙමින් පෙරවරු 9 ට ආරම්භ විය. මෙම උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීයත් ප්‍රංශ ජාතික ගීයත් ගායනා කරද්දී දෙරටේම ජාතික කොඩි ඔසවනු ලැබිය.

ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවන ලද්දේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජ විසිනි.

පංච ශිලය සමාදන් වීම සහ ධම්ම චක්ක දහම් පාසලේ දරුදැරියන් විසින් ජය මංගල ගාථා ගායනයෙන් අනතුරුව නව වසරට සුභ පතා සම්ප්‍රදායික කිරි ඉතිරිවීම සහ රබන් වාදනය සිදු කැරිණි. ඉන් අනතුරුව කුලදේවතාවුන් වහන්සේලාට බුලත් දීමත් ප්‍රංශයේ ඉපදුන ශ්‍රී ලාංකික දුවා දරුවන් ඔවුනගේ දෙමාපියන් සහ අනෙකුත් වැඩිහිටියන් හට බුලත් දී අචාර කිරීමත් සිදු කැරිණි. මහා සංඝ රත්නය පරිත්ථාන ධර්මය දේශනා කරන අතරතුර චාරිත්‍රානුකූල හිසතෙල් ගෑම සිදුවිය. 

සෑම වසරකම සිදුකෙරෙන අන්දමට මෙවරත් සමන් ගීතානි සමරක්කොඩි යුවල සහ චන්දන සුබෝධිනී මැනික්පුර යුවල විසින් පිළියෙළ කල කැවුම් කිරිබත් සහ අනෙකුත් රස කවිලිවලින් සමන්විත අලුත් අවුරුදු කෑම මේසය අලෙවි කැරිණි. මහාසංඝ රත්නය සඳහා දානය පිරිනැමීමත් අනෙකුත් සැමදෙනා සඳහා දහවල් ආහාර පාන ලබාදීමත් සිදුවිය. 

ඉන් පසුව සම්ප්‍රදායික සිංහල අවුරුදු  ක්‍රීඩා අවසන්වීමෙන් පසු සංස්කෘතික සංදර්ශනය ආරම්භවිය. ප්‍රංශයේ ලබුෂේ  නගරාධිපති සහ උපනගරාධිපති වරුන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කල මධුකා ද සිල්වා සහ ශ්‍රී ලාංකික මෙන්ම ලාඕස, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික අමුත්තන් විශාල පිරිසක් උත්සවය සඳහා සහභාගිව සිටියහ.

පැරිස් නුවර තිසරාවි කලායතනය විසින් අලංකාර සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කල අතර අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුළු විවිධාංග රැසක්ම ඒ සඳහා ඇතුලත් කර තිබුණි. මෙම අවස්ථාවට  කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමි, මාපලගම ජිනානන්ද හිමි, කන්දවින්නේ රාහුල හිමි, කඳුරුපොකුනේ ධම්මාලෝක හිමියන්ද සහභාගී වුහ.

DSC_4616-(Copier) IMG_4840-(Copier) IMG_4850-(Copier) IMG_5004-(Copier) IMG_5011-(Copier) IMG_5020-(Copier) kana-muttiya kiri-bima



අදහස් (0)

කොහා පමා වී පැරිස් යයි

නීතා Thursday, 05 May 2016 05:11 PM

සෑම වසරකම වාගේ මෙය මෙවරත් පැවැත්වීම ගැන සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 596 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site