IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් පවුල් 30ක් අවතැන්

(රංජිත් රාජපක්ෂ)                       

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් ප්‍රදේශයේ පහත්බිම්වල පවුල් 30 ක් පමණ අවතැන් වී ඇතැයි නොර්වුඩ් පොලිසිය පවසයි.
 
ඊයේ (30) දින රාත්‍රි 11 ට පමණ නිවාසවලට අඩි තුනක් පමණ කෙසෙල්ගමුඔයේ ජලය කාන්දු වු බවත්, පැය තුනකට පමණ  පසු එම ජලය බැස ගිය බව එම නිවාසවල පදිංචිකරුවෝ කියති.
 
මේ හේතුවෙන් පවුල් 30 කට අයත් සාමාජිකයන් 125 දෙනෙක් පමණ අවතැන්ව සිටිති.
 
කෙසෙල්ගමුඔය පිටාර ගැලීමත් සමග නොර්වුඩ් පොලිසියේ නිලධාරීහු ගම්වැසියන් පදිංචි නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත්හ.
 
ගං වතුර තත්වය නිසා නොර්වුඩ් ග්‍රාමසේවා කාර්යාල, සමෘද්ධි කාර්යාලය ගං වතුරෙන් යට වී තිබිණි.
 
කෙසෙල්ගමුඔය ආරම්භ වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (30) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමුය පිටාර ගලා ඇති බව නොර්වුඩ් පොලිසිය කියාසිටියි.
 
කෙසෙල්ගමුඔය පිටාර ගැලීම වලකාලිමට පසුගිය දා අපදා කලමණාකරණ ඒකකය මගින් විශාල මුදලක් වැය කර කෙසෙල්ගමුඔය පුළුල් කළද ඉන්පලක් වී නොමැති බව ගම්වැසියෝ කියති.
 
මේ වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටමද  ඉහළ යමින් පවතී.
 
අපදා තත්වයෙන් අවතැන් වුවන්ට අවශ්‍යය පහසුකම් සැලසිමට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නුවරඑළිය ආපදා කලමණාකරන ඒකකය කටයුතු කර ඇත.



අදහස් (0)

කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් පවුල් 30ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 418 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 206 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1915 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site