IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොස්තාපල්ට කතුරෙන් ඇන්න කොස්තාපල් රිමාන්ඩ්

එෆ්.අස්ලම් සහ විජයරත්න රත්නායක  

ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු නිල නිවසේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුගේ මුහුණට කතුරකින් ඇණ තුවාල සිදුකිරීමේ සිද්ධියකට එම නිල නිවසේම රාජකාරියේ යොදවා සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බදුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (6) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

සිකුරාදා (5) රාත්‍රීයේ විනිසුරුවරයාගේ නිල නිවසේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයකු බීමතින් සිටින බවට පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස කතුරු පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ බදුල්ල මූලස්ථාන පොලිසියට අනියුක්තව සේවය කරන ඩී.එම්.සෝමපාල නැමති පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. 

පොලිස් නිලධාරීන් දෙදෙනා අතර ඇතිවූ මෙම ගැටුම සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.



අදහස් (0)

කොස්තාපල්ට කතුරෙන් ඇන්න කොස්තාපල් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site