(සුමතිපාල දීයගහගේ )
කොස්ගොඩ කයිකාවල මුහුදේ නෑමට ගොස් අතුරුදන්වූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයකුගේ මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
මෙම මළ සිරුර ඇල්පිටිය ඇල්ල පාරේ පදිංචිකරුවෙකු වු ඔෂාන් වීරසිංහ (20) නැමැති තරුණයාගේ බව හඳුනාගෙන තිබේ.
අතුරුදහන්ව ඇත්තේ ඇල්පිටිය අනුරුද්ධගම පදිංචිකරුවකු වූ 22 හැවිරිදි සම්පත් නැමැති අයෙකි.
සම්පත් නැමැති අය සේවය කරන වෙල්ඩින් වැඩපොලක අයිතිකරු ඇතුළු පවුලේ අය ඊයේ (1) අලුත්ගම කන්දේ විහාරය වැදපුදා ගෙන ආපසු එන විට කොස්ගොඩ කයිකාවල මුහුදේ නෑමට ගොස් ඇත.
එහිදී මුහුදේ නාමින් සිටියදී මෙම තරුණයින් දෙදෙනා අතුරුදන් වීමෙන් පසුව නාවික හමුදාව සහ පොලිසිය එක්ව අතුරුදන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එක් අයකුගේ මළසිරුර වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd