(සුමතිපාල දීයගහගේ )
කොස්ගොඩ කයිකාවල මුහුදේ නෑමට ගොස් අතුරුදන්වූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයකුගේ මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
මෙම මළ සිරුර ඇල්පිටිය ඇල්ල පාරේ පදිංචිකරුවෙකු වු ඔෂාන් වීරසිංහ (20) නැමැති තරුණයාගේ බව හඳුනාගෙන තිබේ.
අතුරුදහන්ව ඇත්තේ ඇල්පිටිය අනුරුද්ධගම පදිංචිකරුවකු වූ 22 හැවිරිදි සම්පත් නැමැති අයෙකි.
සම්පත් නැමැති අය සේවය කරන වෙල්ඩින් වැඩපොලක අයිතිකරු ඇතුළු පවුලේ අය ඊයේ (1) අලුත්ගම කන්දේ විහාරය වැදපුදා ගෙන ආපසු එන විට කොස්ගොඩ කයිකාවල මුහුදේ නෑමට ගොස් ඇත.
එහිදී මුහුදේ නාමින් සිටියදී මෙම තරුණයින් දෙදෙනා අතුරුදන් වීමෙන් පසුව නාවික හමුදාව සහ පොලිසිය එක්ව අතුරුදන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එක් අයකුගේ මළසිරුර වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්ගොඩ මුහුදේ නෑමට ගිය අයෙකුගේ සිරුර සොයා ගැනේ