(ඩී.කේ.රත්න)
තණමල්විල සූරියආර ප‍්‍රදේශයේ කෙසෙල් වගා කරන මුවාවෙන් කංසා වගාකරමින් සිටි පුද්ගලයෙකු කංසා පැළ 780ක් සමග අද (7) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල සූරියආර 19වයේ කණුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා කෙසෙල් වගාකරන අතර, පිටතට නොපෙනෙන පරිදි මෙම කංසා පැළ වගා සකර ඇතැයි පොලීසිය කියයි.
සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd