අපේක්ෂිත වර්ෂාව නොලැබීම, පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වාගව සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය කවුඩුල්ල ජලාශයේ නොතිබීම හේතුවෙන් මෙවර මාස් කන්නයේ වී ගොවිතැන අහිමි වූ ගොවීහු පිරිසක් ඒ වෙනුවෙන් අක්කරයකට රුපියල් 50,000 ක් බැඟින් වන්දි මුදලක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිති. මෙම ගොවීහු අද (11) වැනි දා පෙරවරුවේ මැදිරිගිරිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
දැනට කවුඩුලුවැවේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 42000 ක බවත් මෙම වසරේද වගා ආරම්භ කරන ලෙස බලධාරීන් දැනුම් දුන්න ද දැනට පවති ජල ධාරිතාව වගාවන්ට ප්‍රමාණවත් නැතැයි ද ගොවීහු චෝදනා කරති.
මෙම උද්ඝෝෂණයට සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ ලේකම් ටී.බී. සරත් ඇතුළු පිරිසක් එක්ව සිටිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස වලාහක දෙවියගෙන් ඉල්ලලා බැලුවා නම් හරියයි. (නි)