IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොල්ලකෑම් 16කට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

ජුඩ් සමන්ත
 
මහ මඟ ගමන් කරන කාන්තාවන්ගේ අත් බෑග් යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑමේ නිරත වූ සැකකරුවන් තිදෙනෙකු මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව - ලුණුවිල සහ මාදම්පේ - ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.


සැකකරුවන් අතර වයස අවුරුදු 18 ක් වන දෙදෙනෙකු සහ වයස අවුරුදු 21 ක එක් අයෙකු මේ අතර වේ.
සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු සහ ඔවුන් විසින් සිදු කරන ලද කොල්ලකෑම් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වී ඇත.


සැකකරුවන් විසින් මාරවිල, පන්නල, කොස්වත්ත, වෙන්නප්පුව, සහ දංකොටුව යන පොලිස් වසම් වල කොල්ලකෑම් 16 ක් සිදු කරන ඇති බවට මේ වන විට සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී තිබේ.


කොල්ලකෑම සඳහා යොදා ගත් යතුරු පැදි දෙකක්ද, කොල්ලකන ලද ජංගම දුරකථන 5 ක්, කාන්තා අත් බෑග් 5 ක්, කාන්තා මුදල් පසුම්බි 2,ත්‍රී විල් බැටරි 1 ක් සහ කාර් කැසට් රේඩියෝවක් ද පොලිස් බාරයට ගෙන ඇත. 


සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් මාල 5 ක් මෙම කල්ලියේ තවත් අයෙකු  සතුව තිබෙන බවත්, ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවත් විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන් කියයි.


සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කොල්ලකෑම් 16කට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site