(පද්මා කුමාරී කංකානම්ගේ )
මොන්ට්‍රියල් සම්මුතියේ 30 වැනි සංවත්සරය සහ ජගත් ඕසෝන් දිනය සමරා, කල්පිටිය කන්දකුලිය කඩොලාන උද්‍යානය ස්ථාපනය කිරීමේ ජාතික උළෙල අද(18) මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කල්පිටිය පාසල් පරිසර නියමුවන් සඳහා ස්වර්ණ පදක්කම් පිරිනැමීම, සිසු දරුවන් සහ ගුරු භවතුන්ට පොත් කට්ටල පිරිනැමීම සහ ඕසෝන් උද්‍යානීය සමරු ඵලක නිරාවරණය කිරීම ද නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය. පැමිණ සිටි සම්භාවණීය අමුත්තන් සහ පාසැල් දරු දැරියන් විසින් කඩොලාන පැළ 2000 ක් සිටුවීම ද එහිදී සිදු කෙරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd