(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, වීදි ලාම්පු අක්‍රියවී ඇතැයිද, බොහෝ ප්‍රදේශ රාත්‍රී කාලයේ අඳුරේ පවතින බවද, මේ හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවද ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රාදේශීය සභාව සවි කරන ලද වීදි ලාම්පු දින දෙක තුනකින් අක්‍රිය වන බවට ජනතාව චෝදනා කරති.
රාත්‍රී කාලයට ප්‍රධාන මාර්ග සහ හා අතුරු මාවත් රැසකට ආලෝකය නොමැතිවීමෙන් ජනතාවගේ ආරක්ෂාවට ද තර්ජනයක් මතුව ඇතැයි ඔවුහූ වැඩිදුරටත් පවසති.
මේ සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති විජිත ප්‍රනාන්දු මහතා පැවැසුවේ, වසරකට සභාවේ අයවැයෙන් රුපියල් ලක්ෂ 50 ක් විදුලි පහන් අලුත්වැඩියා කිරීම සඳහා වැයකරන බවත්, රුපියල් ලක්ෂ 10 ක් වටිනා විදුලි බල්බ පරිත්‍යාග වශයෙන් ලැබී ඇති බවත් ය.
අඩු ප්‍රමිතියකින් යුතු විදුලි බල්බ ලැබී තිබුණ ද ඒවා නැවැත මිලදී ගත් ආයතනවලටම ලබාදී, ඒ වෙනුවට නව විදුලි බල්බ ලබා ගත හැකි බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පිටියේ පොල් ගස් නැද්ද රෑට යනකොට හුලු අත්තක් බැදගන පත්තුකරගන යන්න ඔයිට වැඩ අලි කොටි වලස්සු ඉන්න ගම්මානවල ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ පාරක් පාරක් ගැනේ වීදි පහන් තිබිලද ?කිලෝමීටර් 2 - 3 කැලේ මැදින් රෑ 10 - 11 ටත් මිනිස්සු පයින් යන්නේ