( පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කජුවත්ත නම් ස්වභාවික වැලි නිධියක් ආශ්‍රිතව, බ්ලොක් ගල් නිෂ්පාදනයේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට කල්පිටිය පොලිසිය පවසයි. සැකකරුවන් සමඟ නිෂ්පාදන මෙවලම් ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම වැළි කැණීම සදහා පතල් හා කැනීම් කාර්‍යංශයෙන් නිකුත් කළ කැනීම් බලපත්‍රයක් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් නිකුත් කළ වැලි ප්‍රවාහන බලපත්‍රයක් හෝ නොමැතිව ඔවුන් මෙසේ බ්ලොක් ගල් නිෂ්පාදන්යේ නිරතව සිටි බැව් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතාගෙන් විමසීමේ දී අණාවරණය විය.
මෙම පුද්ගලයා සතුව තිබූ බ්ලොක් ගල් නිශපාදනය සදහා ප්‍රාදේශීය සභාවෙන් ලබාගතයුතු බළපත්‍රය ද කල් ඉකුත්ව තිබුණු බැව් එම මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
හිමිකරු ප්‍රදේශය අත් හැර ගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට වැටලීම් දියත් කර ඇත.සැකකරුවන් සහ නඩුභාණ්ඩ කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කල්පිටි වැලි නිධියේ බ්ලොක් ගල් හැදු දෙන්නෙක් අත්අඩංගුවට