(සිතුම් චතුරංග)
කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසලක සේවකයකුට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වෙළෙදුන් පිරිසක් අද (5) කිලිනොච්චිය පොදු වෙළෙඳ ස්ථානය වසාදමා විරෝධතාවක නිරතවූහ.
විරෝධතාවයේ නිරත වෙළෙදුන් පැවසුවේ විවිධ ජාවාරම්කරුවන් විසින් පොදු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින් හා සේවකයින් වෙත තර්ජනය කිරීම් හා පහරදීම් සිදුකරන බවත් ඒම පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වීම පිළිබඳ තමන්ට ගැටළුවක් පවතින බවත්ය.
කිලිනොච්චිය පොදු වෙළෙද සංකීර්ණයේ වෙළෙදුන්ගේ විරෝධතාවය හේතුවෙන් දෛනිකව භාණ්ඩ අලෙවි කිරීමට පැමිණි ගොවීන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd