(කේ. බුද්ධික කුමාරසිරි )
කඩුවෙළ බෝමිරිය හල්ගහ තොටුපල ආසන්නයේ කැලණි ගඟේ පා වෙමින් තිබූ නාදුනන පිරිමි මළ සිරුරක් අද (10) දහවල් සොයා ගත් බව නවගමුව පොලිසිය පවසයි.
ප‍්‍රදේශවාසීන්ගෙන් නවගමුව පොලිසිය ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කර මළ සිරුර ගොඩ ගැනීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් සිටින පුද්ගලයා දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැක පළ කරයි.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ත් 45ත් අතර බවට සැක කළ හැකි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මිය ගොස් සිටි පුද්ගලයා රතු පැහැති කමිසයකින් සැරසී සිටි බවත් මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යැවීමට කටයුතු කළ බවද නවගමුව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැලණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් ගොඩගනී