(කේ. බුද්ධික කුමාරසිරි )
කඩුවෙළ බෝමිරිය හල්ගහ තොටුපල ආසන්නයේ කැලණි ගඟේ පා වෙමින් තිබූ නාදුනන පිරිමි මළ සිරුරක් අද (10) දහවල් සොයා ගත් බව නවගමුව පොලිසිය පවසයි.
ප‍්‍රදේශවාසීන්ගෙන් නවගමුව පොලිසිය ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කර මළ සිරුර ගොඩ ගැනීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් සිටින පුද්ගලයා දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැක පළ කරයි.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ත් 45ත් අතර බවට සැක කළ හැකි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මිය ගොස් සිටි පුද්ගලයා රතු පැහැති කමිසයකින් සැරසී සිටි බවත් මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යැවීමට කටයුතු කළ බවද නවගමුව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd