IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කැලේ කසිප්පු පෙරන ගමන් ගෙදර ගංජා වවලා

පල්ලේවල මිදෙල්ලවල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා කසිප්පු ලීටර 3300ක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

කසිප්පු අත්අඩංගුවට ගෙන ජාවාරාම් කරු අත්අඩංගුවට ගැනීමට නිවසට යද්දී නිවසේ කංසා පැළ පහක් වගා කර තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.

වේයන්ගොඩ පොලිසියේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලද තුරතුරක් අනුව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුණසිංහ, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන හේරත් මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සමන් ඇතුළු පිරිසක් වැටලීම සිදු කරන්නට යද්දී කසිප්පු තොගයක් වෙනත් ස්ථානයකට ගොන ගොස් ඇත.

කැළේ මැද කූඩාරම් ගසා තිබූ බවත්, කළක පටන් කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පෙනෙන බවත් පොලිසිය පවසයි.

කසිප්පු ලීටර 3330ට අමතරව බැරල් 18ක් සහ තඹ දඟර හතරක් ද අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

කැලේ කසිප්පු පෙරන ගමන් ගෙදර ගංජා වවලා

චන්ද්‍ර වීරසිංහ Friday, 26 June 2015 01:21 AM

උද්භිද විද්‍යාත්මකව කැනබිස් සැටිවා නමින් හැඳින්වෙන මෙම ශාකයට ලක් පොළොව මත වැවෙන්න ඉඩ දෙන්න! හැකිනම් විදේශ සහය ඇතුව වේදනානාශක බෙහෙත් වන පෙතිඩින්,කොඩෙන් වැනි බෙහෙත් නිස්සාරණය කර විදේශ විනිමය උපයන්න. (නි)

:       0       0

පෙරේරා Thursday, 25 June 2015 06:13 PM

සමූහ ව්‍යාපාරයක්!! (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 28 June 2015 08:13 AM

ගංජා පැලයක් බෙහෙතකටවත් හිටවන්න බැරිද එතකොට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30950 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13080 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10934 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 256 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site