හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසකට විශාල මෝරකු හමුවී ඇතැයි කියති.
මෙපමන විශාල මෝරෙකු තමන්ට මීට පෙර හමුවී නැතිබවත් මෝරාගේ බර කිලෝ ග්‍රෑම් 350 ක් පමණ වන බවත් ධීවරයෝ කියති.
මෝරා අද (7) සවස හික්කඩුව ධීවර වරායේදී අලෙවි කැරිණි.
මීට පෙර රත්ගම මුහුදෙන් කිලෝ 650ක් බර මෝරකු හමු විය.
කිලෝ 350ක් බර මිනිමුතු මෝරකු ද මීට පෙර හමු වී තිබේ.
ලොකුම මෝරා 2012 පාකිස්තානයෙන් අල්ලා ගත් බවත්, දිග අඩි 42ක් පමණ බවත්, බර රාත්තල් පනස් දහසක් බවත් කියති. මෙම මෝරා එසවීමට දොඹකර කිහිපයක් යොදාගෙන ඇතැයි ද, අමෙරිකා ඩොලර් 18000කට (රුපියල් 2604510ක්) පමණ බවත් සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපයේ බර මහාමෙරක් තරම්. (නි)
අනේ මම හිතුවේ මෝරා කිව්වහම ලොකු හොර දේශපාලකයෙක් අහුවෙලා කියලා (නි)
හොද හොද මොරු ඉන්නේ ලංකාවේ.(හේ)