IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කේරළ ගංජා ජාවාරමක නියුතු කල්ලියක තිදෙනෙකු දැලේ

(ඔගස්ටින් ප්‍රනාන්දු)

නොච්චියාගම නගරය කේන්ද්‍ර කර ගෙන පවත්වා ගෙන ගිය මහා පරිමාණයේ නීතිවිරෝධි කේරළ ගංජා ජාවාරමකට සම්බන්ධ තිදෙනකු හා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත හැකිවු බව පුත්තලම පොලිස් විශේෂ  ප්‍රහාරක බලකාය කියයි.

පුත්තලම පොලිසියේ සහය ඇතිව පුත්තලම කලපු ඉවුරේ දී වාහනයකින් ගෙන ආ කේරළ ගංජා කිලෝවක් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී තමන් මෙම ගංජා නොච්චියාගම ප්‍රදේශයේ අයෙකුගෙන් මිල දි ගෙන හලාවත ප්‍රදේශයේ අයෙකුට අලෙවි කිරීමට ගෙන යමින් සිට බව එම සැකකරු පවසා ඇත.

සැකකරුගේ එම ප්‍රකාශය අනුව විශේෂ බලකායේ නිලධාරින් වහාම නොච්චියාගම ප්‍රදේශයට ගොස්  පුත්තලමේ දි අත්අඩංගුවට ගත් සැකකරුට කේරළ ගංජා අලෙවි කළ මහා ජාවාරම්කරු කොටු කර ගෙන ඇති බවත් කියයි.

එම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දි ඔහු ළඟ කේරළ ගංජා කිලෝ එකකුත් මිලිග්‍රෑම් 650 ක් තිබී සොයා ගත් බවත් කියයි. ඔහු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කියයි.

මෙම කල්ලිය පසුගිය කාලයේ දි මහා පරිමාණයෙන් කේරළ ගංජා ‍විවිධ ප්‍රදේශවලට ගෙන ගොස් අලෙවි කර ඇති බවත් ඔවුන් නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 40 වන වියට අඩු වයසේ පසුවන්නන් වන බවත් පොලිසිය කියයි.

සැකකරුවන් හා අත් අඩංගුවට ගත කේරළ ගංජා පුත්තලම පොලිසිය වෙත බාර දි ඇත. පුත්තලම පොලිසිය තවදුරටත් පරික්ෂණ සිදු කරයි.
 



අදහස් (0)

කේරළ ගංජා ජාවාරමක නියුතු කල්ලියක තිදෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site