(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කන්දකුලිය වැලිපර සමුද්‍ර අභය භූමිය හෙවත් ගල්මල් උයනෙන් කඩන ලද කොරල්පර 112 ක් ප්‍රවාහනය කරමින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙම කොරල්පර වර්ණ ගන්වා විවිධ නිර්මාණයන් කරවා සංචාරක නිකේතනයන් විසිතුරු කිරීමට ඉහළ මිළ ගණන් වලට අලෙවි කරන බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා කල්පිටිය පදිංචි වයස අවුරු 22 සහ 38 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
කල්පිටි අර්ධද්වීපයේ, උච්චිමුණේ දුපතට බටහිර වෙරළේ සිට කිලෝමිටර 2ක් පමණ දුරින් වර්ග කිලෝමිටර 307ක ප්‍රදේශයක් පුරා විහිදෙන මෙම කොරල්පරය 1992 දී වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවේ අංක 708/24-1992 දරණ ගැසට් නිවේදනය මගින් අභය භූමියක් ලෙස ප්‍රකාශ කර ඇත.
සැකකරුවන් සහ නඩු හාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරල්පර ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට