කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා වැඩ බාර ගත්තේය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකුවන ලොකුහෙට්ටි මහතා කෙළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා ගෞරව උපාධිධාරියෙකි. බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබ ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රමෝපායයන් පිළිබඳ එම්.බී.ඒ. උපාධිය ලබාගත් හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේම ක්‍රමෝපායික සැළසුම් හා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියකු ද වෙයි.
1984 වර්ෂයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කළ හෙතෙම පසුව කථිකාචාර්යවරයකු බවට පත්වූයේය.
1990 දී රාජ්‍ය පරිපාලන සේවයට එකතුවූ ලොකුහෙට්ටි මහතා හබරාදුව, බද්දේගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1995 වර්ෂයේ දී බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.
2025 නොවැම්බර් මස 04
669
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කර්මාන්ත අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක්