IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කිරම විදුහලක ගුරුවරු විරෝධයක

(චන්ද්‍රසේන ගමගේ)
 
කිරම වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ පාසල් සිසුවකුගේ පියකු එහි ගුරුවරයකුට ඊයේ(07) පාසල තුළදීම පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම විදුහලේ ගුරුවරු අද(08) උද්ගෝෂණයක නිරතවූහ.

ඊයේ 10වැනි වසරේ හා 11 වැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සුළු ගැටුමක් පාලනය කිරීමට ගිය එම ගුරුවරයා සිසුන් කිහිපදෙනෙකුට දඬුවම් දුන් බවත්, ඊට උරණ වූ මවුවරු දෙදෙනෙක් හා පියෙකු පාසල තුළට පැමිණ ඉගැන්වීමේ කටයුතුවල යෙදී සිටි ගුරුවරයාට පුටුවකින් පහර දී තුවාල කළ බවත් ඔවුහු පැවසූහ.

පහර කෑමට ලක්වූ ගුරුවරයා එවලේම රෝහල් ගත කළ බවත් මේ වන විටත් කිරම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත් ගුරුවරු කීහ.

මවුවරු දෙදෙනෙක් හා පියෙකු අසභ්‍ය වචනයෙන් බැණ තමන්ට පහර දුන් බවත් මෙම සිද්ධිය දැක තම පන්ති කාමරයේ සිටි සිසු දරුවන්ද භීතියට පත්ව කෑ ගසන්නට වු බවත් පහරකෑමට ලක් වූ පී. ඩබ්ලිව් ගමගේ මහතා පැවසීය.
 
සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු වලස්මුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සදහා පාසැලේ ගුරුවරුන් හා දෙමාපියන් සමග පොලිස් ස්ථානාධිපතිවරයා අද (08) දහවල් සාකච්ඡාවක් ආරම්භ කළ බවත් පොලීසිය පවසයි.
අද දිනයේදි සියලු ඉගැන්වීමේ කටයුතුවලින් ගුරුවරුන් බැහැරව සිටින බවද ගුරුවරු පැවසූහ.



අදහස් (1)

කිරම විදුහලක ගුරුවරු විරෝධයක

ලසන්ත Tuesday, 08 October 2019 10:51 AM

කිරම කියන්නේ හමිබන්තොට පැත්තේ ගමක්ද කියා සිතෙනවා එහි සිටින්නේ තරමක් අසංවර මිනිසුන් කියල ඇහිලත් තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයේදී ඒ පැත්තේ අයත් ඒවගේ කියල හිතල ඡන්දය දෙනවානම් හොදයි. ගුරුවරයෙක් සත්‍ය ලෙසට සිදුවූ වරදකට දඩුවමක් දුන්නාම එයට කිපෙන කිසිවෙකුටවත් කිසිම ආත්මයක සුගතියක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site