(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුදුවත්ත ප්‍රසිද්ධ පාසලක් අසල නතර කර තිබියදී සොරාගෙන ගිය රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ජීප් රථය කෝරලඉම එකමුතු මාවත අසල මාර්ගයේ දමාගොස් තිබියදී අද (19) හමු වූ බව කහතුඩුව පොලිසිය පැවසීය.
වාහනය හමුවන විට එහි උපාංග රැසක් සහ අංකු තහඩු ගලවා තිබූ බව පොලිසිය පැවසීය.
කිරිදිවැල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මෙම වාහනය ඉකුත් 17 වැනිදා ඔහුගේ මිතුරෙකු ඉල්ලා ගෙන ගොස් තිබියදී සොරා ගෙන ඇති බව පොලිසිය කීය.
ව්‍යපාරිකයාගේ මිතුරා සිය දරුවා කුරුදුවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලකට රැගෙන ගොස් ඒ ආසන්නයේ නතර කර අවශ්‍යතාවයක් සඳහා පංචිකාවත්තට ගොස් නැවත පැමිණ සුලු වේලාවකදී ජීප් රථය සොරකම් කර ඇතැයි පොලිසිය පැවසීය.
එම පුද්ගලයා වාහනය අසලට පැමිණෙන විට වාහනය සෙලවෙන අයුරු දැක වාහනය තුළ විමසිලිමත්ව බැලීමෙදී ඒ තුළ රැඳී සිටි පුද්ගලයෙකු වාහනයේ වේගය වැඩිකර ධාවනය කර පලා ගොස් තිබූ බව පොලිසිය කීය.
එම පුද්ගලයා ඒ බව කිරිදිවැල ව්‍යාපාරිකයාට දුරකතනයෙන් දැනුම් දී කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.
කෝරලඉම එකමුතු මාවත අසල ඊයේ (18) සිට ජීප් රථයක් නවතා තිබෙන බවටත් එහි අංකු තහඩු නොමැති බවටත් කහතුඩුව පොලිසියට තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව වාහනයේ හිමිකරු සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කුරුදුවත්තේදී සොරාගත් ජීප් රථය කහතුඩුවෙන් හමුවෙයි
චතුෂ කුමාර Tuesday, 21 January 2020 02:09 PM
ලෝකෙට පේන්න අනුන්ගේ වාහන ණයට අරං සවාරි ගහනවා. දැන් වාහනේ හිමිකරුත් අමාරුවේ.