ජෝර්ජ් කුමාරයාගේ උපන් දින කථාවට ප්‍රමුඛත්වය නොදුන්නැයි කියන සිද්ධියක් මත බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (බීබීසී) චන්දන කීර්ති බණ්ඩාර (57) සේවයෙන් පහ කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට එරෙහිව කම්කරු අධිකරණයේ පැවරූ නඩුව අනුව පවුම් 50,000ක (රුපියල් 95,28,074) වන්දියක් ගෙවන ලෙස බීබීසීයට නියෝග කර ඇත.
අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ බවට ඔහු කළ චෝදනාව අධිකරණය පිළිගත් නමුත් ජාතිය නිසා ඔහු පහ කළැයි කියන චෝදනාව අධිකරණය ඉවත දැමීය.
බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සිංහල සේවයේ වසර 18ක් සේවය කළ ඔහු 2013 ජූලි 23 වැනිදා ජෝර්ජ් කුමාරයාගේ උපත පිළිබඳ කථාවට ප්‍රමුඛත්වය නොදී ඇතැයි ද ඊට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ කළු ජූලිය (දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා) සිදුවීමේ 30 වැනි සංවත්සරය එදිනට යෙදී තිබූ නිසා රාජකීය කථාවට ප්‍රමුඛත්වය නොදුන් බවයි.
බීබීසී ලෝක සේවයේ ප්‍රකාශකයකු පැවසූයේ නඩු තීන්දුව ගැන නොසතුට පළ කරන බවයි. බණ්ඩාර ඉල්ලූ වන්දියෙන් 75%ක් කම්කරු අධිකරණයෙන් කපා හැර ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට වන්දි ඕනේ නැහැ මෙයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ කාගේ සල්ලි වලින්ද කියා යුරෝපේ අය නම් දන්නවා. වැඩ සටහන් කරන්න මිලානෝ පැත්තේ නම් එන්න හිතන්නවත් එපා. (බ)