IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිරි ඉබ්බන් මස් කරමින් ධීවරයෙක් අත්අඩංගුවට

සිතුම් චතුරංග
          
දැඩි ආරක්ෂිත සත්වයකු වන කිරි ඉබ්බන් දෙදෙනකු මරා මස් රැගෙන යමින් සිටි ධීවරයකු අද (29) වවුනියාව ඊච්චන්කුලම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඊච්චන්කුලම පොලිසිය පවසයි.            

                         
ඊච්චන්කුලම වැවෙහි සිටි ඉබ්බන් අල්ලා මස්කරන තැනැත්තකු පිළිබඳ ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා ඔහු සතුව තිබී කිලෝ එක හමාරක ඉබි මස් තොගයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.                    

                             
පොලිසිය පැවසූයේ සැකකාර ධීවරයා මසුන් අල්ලන මුවාවෙන් ඉබ්බන් දඩයම් කර ඇති බවත් මස් කළ ඉබ්බන් නිවස වෙත රැගෙන යාම සඳහා සූදානම්ව සිටි බවද පැවැසීය.


කිරි ඉබ්බන් විශේෂය දැඩි ලෙස ආරක්ෂාකාරී සත්වයකු වන බවත් සැකකරු දීර්ඝ කාලයක සිට ඉබ්බන් දඩයමේ යෙදී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද කීය.                          


අත්අඩංගුවට ගත් සැකකරු ඊච්චන්කුලම අම්බෙවෛත්‍යන්කුලම පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු වේ.



අදහස් (0)

කිරි ඉබ්බන් මස් කරමින් ධීවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site