මඩුකන්ද සිතුම් චතුරංග
යාපනය - පේදුරුතුඩුව , තුම්පලේ පුල්ලයාර් කෝවිල අසල අතුරු මාර්ගයක ගමන්ගත් කැබ්රථයක් පෙරේදා(10) රාත‍්‍රියේ මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පේදුරුතුඩුව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපනය , පේදුරුතුඩුව පදිංචි අන්නලිංගම් පුෂ්පාහරන් නැමති වයස අවුරුදු 36 පුද්ගලයකු වෙති.
මිය ගිය පුද්ගලයා කැබ්රථයේ පිටුපස ගමන්කොට ඇති අතර අනතුරත් සම`ග බරපතල ලෙස තුවාල ලබා සිට පේදුරුතුඩුව මාන්දිගායි රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ තුවාල ලැබූ සෙසු පුද්ගලයින් මාන්දිගායි රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd