(ටී. එච්. සරත්)
තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයට අද (25) ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් හා කපු මහතා බැඳ දමා එහි තිබූ රත්රන් කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් හා මුදලින් රුපියල් ලක්ෂ 20 ක් පැහැර ගෙන ගොස් තිබේ.
එහි තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් කිහිපයක් ද රැගෙන ගොස් ඇත.
තලාතුඔය පොලිසිය නිල සුනඛයන් යොදවා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අද උදෑසන හත්දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දේවාලයට ඇතුළු වී දේවගැතිවරයා පූජාවට යන මොහොතේ ඔහු අල්ලා බැඳ කාමරයකට දමා වසා, සේවක කාන්තාවක හා සේවකයින් ද කාමරයකට දමා වසා ඇත.
තලාතුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අතරේ භද්‍රකාලි අම්මාන්ට නින්ද ගිහින් තිබුණද? හොරුන්ට දේවාශීර්වාද ලැබේවා!
ඔය මුදල් රත්තරන් දේවාලේ තිබුනත් වැඩක් නැහැනේ. ඒ නිසා දැන් ඔය බඩුවලින් කවුරුහරි වැඩක් ගත්තොත් නරකද? දුප්පතෙකුට ගෙයක්වත් හදලා දෙනවනම් හොදයි.