(දයාරත්න ඇඹෝගම)
යුද හමුදා කපිතාන්වරයකුගේ රුපියල් 345,000 ක් වටිනා යතුරුපැදියක් සොරාගත් පුද්ගලයකු අද (01) යතුරුපැදිය ද සමඟ රාජාංගනයේ දී අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනයේ පදිංචි ලලිත් විජේසිංහ හෙවත් කොටියා නැමති ධීවරයෙකි.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා ගෙවල් තිහ, පහේ කණුව රාජාංගනය යන ලිපිනයේ පදිංචි මෙම හමුදා කපිතාන්වරයාගේ නිවසේ මිදුලේ නවතා තිබූ යතරුපැදිය ඊයේ (30) සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු අද (1) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd