(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කන්දකුලිය සහ ඉච්චන්කාඩුව ගම්මානවල පදිංචි සිටින පවුල් 300කට ආසන්න ප්‍රමාණයක පිරිසකට ඉඩම් ඔප්පු ලබාදී නැතැයි ඔවුහු චෝදනා කරති.
පසුගිය නොවැම්බර් මාසයේදී ද කන්දකුලිය ගම්වාසීන්ට ඉඩම් ඔප්පු නොමැතිබව ලංකාදීපය 2018 නොවැම්බර් මස 29 දිනයේදී පළ කර තිබිණි. මාස 7ක් ගතවීද තවමත් ඔවුන්ට ඉඩම් ඔප්පු ලබා දී නොමැත.
අවුරුදු 50, 30, 20 දක්වා කාල සීමාවක පදිංචි මෙම පවුල් තුන්වන පරම්පරාවක් දක්වා සාමාජිකයන් වෙසෙන බවත්, ඉඩම් ඔප්පු ලබා දී නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ධීවර රැකියාවේ නිරත මෙම ජනතාව පවසති.
තම දරුවන් පාසල් වෙත භාරදීම සඳහා මෙම ඉඩම් ඔප්පු අවශ්‍යව පවතින බවත්, පදිංචි ඉඩමට නීත්‍යනුකූල ඔප්පුවක් නොමැතිකමින් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබීමට තිබූ බොහෝ සහනද අහිමිවෙමින් පවතින බවත් ඔවුහු පවසති.
වසරේ මාස හයක කාලයක් පමණක් ධීවර වෘත්තීයේ නියැළෙන මෙම ජනතාවට ඉතිරි මාස හයක කාලය පුරා වෙනත් රැකියාවල නිරතවීමට සිදුව ඇති බවත්, ඉඩමක ඔප්පුවක් හෝ නොමැතිවීම හේතුවෙන් බැංකු ණයක්වත් ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු කියති.
“ඉතාලියේ රස්සාවට ගියාම, අවුරුදු පහක් හිටියාම ඒ රටේ ඉන්න සුදුසුයි කියලා පුරවැසිකම ලැබෙනවා. නමුත් අපි අවුරුදු 30 ක් ඉදලත් තාම අපිට මේ ඉඩම්වලට ඔප්පුව නැහැ” යැයි කන්දකුලිය ඉච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. නලින්කා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
මේ පිළිබඳව තම අදහස් එක් කළ ඉච්චන්කාඩුව සුමිත් දිමුත් මහතා මෙසේ පැවසීය.
“ අපි අහසින් වැටුණු මිනිස්සු ගානට දාලා. ඉඩමක ඔප්පුව හදා ගන්න අවුරුදු 40 ක් විතර ගිහිල්ලාත් තවම බැහැ. නමුත් උතුරේ යුද්ධයෙන් මෙහෙ ආව ජනතාවට මෙහෙත් ඉඩම්, දැන් එහෙත් ඉඩම් ආයිමත් ලැබිලාලු. ඔවුන්ට ඔප්පුත් සකස් කරලා දීලා. අවුරුදු 40 කට වැඩිය පදිංචි වෙලා ඉන්න අපිට ඉඩමට ඔප්පු ලබා දෙන්නේ නැත්තේ ඇයි? අපේ ඉඩමට දීලා තිබුණු බලපත්‍රය අවුරුදු දෙකකට කලින් ග්‍රාම සේවක නෝනා අරන් ගියා. දැන් අපි තවත් අසරණ වෙලා” යැයි හෙතෙම සඳහන් කළේය.
“මේ ඉඩම්වලට කලින් බලපත්‍ර ලබා දී ඇති බව මේ ගැන සොයාබලද්දි අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා ඉඩම් ගණනාවක ගැටලු තිබෙනවා. සමහර ඉඩම්වල මුල් පදිංචිකරුවන් නොවේ ඉන්නේ. නමුත් මේ ඉඩම්වලට අපෙන් විය යුතු කටයුතු අවසන් කරලායි තිබෙන්නේ. එම ඉඩම්වල මිනුම් කටයුතු සඳහා තොරතුරු මිනුම් අධිකාරියට යවා තිබෙනවා. ඉදිරියෙදී මේ කටයුතු සිදුවේවි” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පැවසීය.
(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ ලිපිය සඳහා පිවිසෙන්න)
කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති





2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කන්දකුලිය ගම්වාසීන්ට තවමත් ඉඩම් ඔප්පු දී නැහැ