(එස් .ඩි. කොඩිකාර )
කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය යතුරුපැදියකින් පැමිණ කොල්ල කා පලා ගිය යුද හමුදා සෙබලෙකු සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගෙන ඔහු සේවය කරන හම්බන්තොට යුද හමුදා කඳවුරේදී අද (20 ) අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලෙකු බව පොලිසිය පැවසීය .
මොහු තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩා ගෙන ගොස් තිබේ.
කොල්ලකා රැගෙන ගිය රන්මාලය ගාල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් ගන්නා ස්ථානයකට ලබාදී රුපියල් 37,000 ක මුදලක් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මාල කඩපු ඇමතිගේ ආදර්ශයක්ද දන්නේ නැහැ...දියවන්නාවට යන්න නම් මාල කැඩීම අනිවාර්යයිලු.
පාර්ලිමේන්තු ඡන්දෙට ඉල්ලුවොත් මිනිහා ජයග්‍රහණය කරනවා. කළුතර දිස්ත්‍රීක්කයෙන් ආවොත් ජය සිකුරුයි !