IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කාන්තාවකට ලිංගික හිරිහැර කළ බණ්ඩාරගම ප්‍රා.සභා මන්ත්‍රී යළි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රිමාන්ඩ් බාරයේ සිටි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (11) නියෝග කළේය.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික හිරිහැර සිදුකර පහරදී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධියේ සාක්කිකරුවන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ අබ්දුල් හමිද් මොහොමඩ් ඉමිතියාස් නැමැත්තාය.

සිංහල ජාතික පුරුෂයෙකු සමඟ විවහ වීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිසක් තමන්ට අඩත්තේට්ටම් කර හිංසා කළැයි කියමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ අබ්දුල් හසන් ෆාතිමා හයිෂා  නැමැත්තිය විසිනි.

අධිකරණය හමුවේ විභාග වන නඩුවක තම සේවාදායකයාගේ නිවසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවත් තම සේවාදායකයාගේ මවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා බැන තර්ජනය කළ බවත් පවසමින් ජනාධිපති නීතිඥ වීරරත්න වලලියද්ද මහතා ඉකුත් ජුලි 11 වැනි දින අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව සාක්කිකරුවන්ට තර්ජනය කළැයි කියන මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.



අදහස් (0)

කාන්තාවකට ලිංගික හිරිහැර කළ බණ්ඩාරගම ප්‍රා.සභා මන්ත්‍රී යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site