(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කොත්මලේ,“බ්ලුම් ෆිල්ඩ්” තේ වත්තේ වතු කම්කරුවන් පිරිසක් විසින් එම වතුයායේ කළමනාකරුවන්ට හා ඔවුන්ගේ දේපල වලට ඊයේ (05) රාත්‍රියේ පහරදීමක් සිදුකර ඇති බවත්, එහිදි වතු පාලනාධිකාරියේ සිව් දෙනෙකුට තුවාල සිදුවී ඇති බවත්, ඉන් දෙදෙනෙකු ගම්පොල රජයේ මුලික රෝහලට ඇතුලත්කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් කොත්මලේ පොලිසිය පවසයි.
බ්ලුෆිල්ඩ් තේ වත්තේ සේවය කරන වතු කම්කරුවන්ට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ බාරකාර අරමුදල් මාසිකව ඔවුන්ගේ ගිණුම් වලට බැර නොකරන බවට චෝදනා කරමින් කම්කරුවන් ඊයේ දහවල් විරෝධතාවක්ද පවත්වනු ලැබීය. එම සිද්ධිය මුල්කර ගනිමින් රාත්‍රියේ කම්කරුවන් පිරිසක් වෘත්තිය සමිති නායකයින් පිරිසක් සමග එක්ව මෙම පහරදිම සිදුකළ බව වතු පාලකයින් පවසයි. එම අවස්ථාවේ ඔවුන් කළමණාකරුවන්ගේ බංගලා 2කට, මොටර් රථයකට හා ජීප් රථයකට මෙන්ම තේ කර්මාන්තශාලාවේ ගොඩනැගිලි වලටත් පහර දී හානි සිදුකළ බවත් ලක්ෂ 15ක මුදල්ද පැහැරගෙන ගිය බවටත් චෝදනා කර සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්18 දෙනෙකු කොත්මලේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
එම තේ වත්ත ප්‍රදේශයේ මිනිස් හා දේපල ආරක්ෂාවට පොලිසිය යොදවා තිබේ.





2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොත්මලේ වතු කම්කරුවන් පිරිසකගෙන් පහර දීමක්