
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවක් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටිමෙන් පදිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පිළියන්දල බෝකුන්දරදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව වේරහැර පදිංචිව සිටි සජිත් කුමාර වයස අවුරුදු පනස් දෙකක අවිවාහක පුද්ගලයෙකි.
ගාල්ල ප්‍රදේශයේ සිට නුගේගොඩ දෙසට ජීප් රථය ධාවනය වූ මෙම රථය පදිකයා යටකරගෙන දුරකථන කණුවක හා මැද තීරුවේ තිබෙන මල් පෝච්චිෙක ගැටී ජීප් රථය නතර වී තිබූ බව පොලිසිය කියයි.
ජීප් රථය ගැටුණු පදිකයාගේ සිරුර අසල කාණුවේ පෙට්ටි බෝක්කුව තුළට විසිවී ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ එහි රියැදුරු ලෙස සිටි කාන්තාවගේ සැමියා මෙන්ම දියණිය හා මිතුරකු ද ගමන් කර ඇති අතර කිසිවකුට අනතුරින් තුවාලයක් සිදුවී නැතැයි විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙක් පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතක් කියන්නේ ඉතින් මග මරුවෙක් තමයි ඉතින්...