පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පාසල් උපකරණ අහිමි වී සිටින අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් 3000කට යළි පාසල් යෑම සඳහා අවශ්‍ය පොත් පත්, පෑන් පැන්සල්, පාසල් බෑග්, කවකටු පෙට්ටි, කෑම පෙට්ටි, පාට පෙට්ටි සහ නිළ ඇඳුම් ආදියෙන් යුත් අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටලය බැගින් බෙදා දීමේ වැඩසටහනක් කඩුවෙල හේවාගම මහමෙව්නා බෝධිඤාණ අසපුවේ දී පැවැත්විණි.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු වූ මෙම සත්කාර්යයට මහමෙව්නාව භාවනා අසපුවත් ශ්‍රද්ධා රූපවාහිනියත් ශ්‍රද්ධා ගුවන් විදුලියත් මහමෙව්නාවට සම්බන්ධ අනෙකුත් ආයතනත් එක් ව සිටියහ.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ද සහභාගී විය.
ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී දරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඒවා ග්‍රාම නිලධාරීන් හරහා පරීක්ෂා කරවා තෝරාගත් දරුවන් තුන් දහසකට පාසල් උපකරණ බෙදා දෙනු ලැබුණි.
ශ්‍රද්ධා රූපවාහිනියටත් ශ්‍රද්ධා ගුවන් විදුලියටත් කඩුවෙල හේවාගම මහමෙව්නා බෝධිඤාණ අසපුවටත් ගංවතුරෙන් බලවත් හානි පැමිණ තිබිය දී පවා මෙවැනි සත්කාර්යක් සූදානම් කොට තිබීම විශේෂයකි.
2025 නොවැම්බර් මස 04
617
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2306
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1716
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කඩුවෙල මහමෙව්නාවෙන් අවතැන් දරුවන්ට පාසල් උපකරණ