(වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර)
මහියංගණ ගලඋඩ ප්‍රධාන මාර්ගයේ කිරිවෙහෙර මාලියද්ද මංසන්ධිය ආසන්නයේ මාර්ගය අසල තිබූ වසර සිය ගණනක් පැරණි දඹ ගසකට ගිණි ඇවිලී අද (07) මාර්ගය හරහා කඩා වැටී ඇති අතර ඒ අසල සිටි පොලිස් නිලධාරින්ගේ අණ නොතකා ගස යටින් ගමන් කරමින් සිටි කාන්තාවක් ගසට යටවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
තුවාල ලැබූ කාන්තාවගේ අතේ සිටි දරුවා හාස්කමකින් මෙන් දිවි ගලවාගෙන ඇතැයිද පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය දික්කුඹුර මාලිගාතැන්න පදිංචි යු ජී දිලානි කෟෂල්‍යා (23) නැමැති කාන්තාවකි.
ගසට යටවීමෙන් ඇයගේ පාද දෙකටම බරපතල හාණි සිදුව ඇති අතර සිද්ධීය වූ අවස්ථාවේම ඇය කන්දකැටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මාර්ගය අසල වූ බෙනය දිරා ගිය මෙම රූස්ස දඹගසට ඊයේ (06) සවස කිසියම් පිරිසක් ගිණි තබා ඇති අතර ගස මාර්ගය හරහා වැටීමේ අවධානමක් ඇති බව සැලවීමත් සමගම කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතා ඇතුලු නිලධාරිහු පිරිසක් ඊයේ (06) රැය පහන් වන තුරුම එම ගින්න නිවා දැමිමට වෙහෙසෙමින් ගස අසල මාර්ගයේ යන එන්නන්ට ආරක්ෂාව සලසා ඇත.
එහෙත් අද (07) උදෑසන එම ස්ථානයට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරින්ගේ අණ නොතකා ගස යටින් ගමන් කිරීමට යාමේදී එක් වරම ඇය අතේ වූ දරුවාද සමග බිම ඇද වැටී ඇති අතර ඒ මොහොතේම ගිණි ගනිමින් තිබූ ගසද ඇයගේ ඇඟට කඩා වැටි තිබේ.




2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩාවැටුණු ගසට යටවීමෙන් කාන්තාවකට බරපතල තුවාල