IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොටියකු මැරූ අයෙක්ට ලක්ෂයක දඩයක්

(එම්.කේ.නන්දසේන)    


යාල ජාතික වනෝද්‍යානයේ කොටියෙකු මැරීම , ගෝන මස් හා මුව මස් සන්තකයේ තබාගැනීම, බෙහෙත් කොටන තුවක්කුවක් ළඟතබා ගැනීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාවන්ට වරද පිළි ගත් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම   දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද (10දා) නියෝග කළාය. 
 
 මෙම දඩ මුදල් නියම වූයේ තිස්ස කතරගම මාර්ගයේ ජුල්පල්ලම පදිංචි ජේ.ඒ. සමන් ප්‍රියන්ත නැමති අයෙකුටය.
 
යාල වනජීවී නිලධාරීන් විසින් මෙම නඩුව පවරා තිබුණේ 2016 වසරේ ජුනි මස 04 වැනිදාය. මෙම පුද්ගලයා මෙම නඩුවේ දෙවන සැකකරු වන්නේය.මොහු  වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් පැන සැඟව සිටියදී වරෙන්තු මත අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම නඩුවේ පළමු සැකකරු වන ජූල් පල්ලම ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. ආනන්ද නැමති අයටද 31 වැනි දින වරද පිළි ගැනීමෙන් පසු රුපියල් එක් ලක්ෂ පහලොස් දහසක දඩ මුදලක් ගෙවනලෙසට නියෝග කර තිබිණි.
 
යාල ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්ෂක නිලධාරීන් වන එන්.ජී. පේමදස , එස්.ජයවීර, වන සත්ව නියාමකවරුන් වන එච්.ඒ. සමිත්, ඊරෝස් ගීතාල්, සඳුන් විජය කුමාර හා අඩවි සහකාර චරිත්දීන් යන නිලධාරීන් පිරිසක් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණි. 
 
උද්‍යානයේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිලධාරී රංජිත් සිසිර කුමාර මහතා මෙම නඩුව මෙහෙයවීය. 
 



අදහස් (0)

කොටියකු මැරූ අයෙක්ට ලක්ෂයක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site