IMG-LOGO

කොට්ටාවේ මෙට්ට කම්හලක ගින්නක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
කොට්ටාව, කටුකුරුන්ද ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මෙට්ට කර්මාන්ත ශාලාවක අද(08) ඇති වූ ගින්නකින් එම කම්හල සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
 
ගින්න හටගත් අවස්ථාවේ එහි තෙවන මහලේ පුද්ගලයකු සිට ඇති බවත්, ඔහු මෙට්ට කිහිපයක් පොළවට විසි කර ඒ මතට පැන දිවිබේරාගෙන ඇති බවත් පැවසේ.
 
එම පුද්ගලයාගේ දකුණු අතට හානි සිදුවී ඇති අතර, හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
 
කොට්ටාව මහනගර සභාවට අයත් ගිනි නිවන රථ 3ක් එහි පැමිණ ගින්න සම්පූර්ණයෙන් පාලනය කළ බව පොලිසිය කියයි.
 
ගින්න හේතුවෙන් යාබද දුරකථන සහ විදුලි රැහැන්වලට දැඩි හානි සිදුව තිබිණි. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැත.
 
කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කොට්ටාවේ මෙට්ට කම්හලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 11 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 456 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 236 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site